බදුරලියේ පාසලක් අසළට අත්බෝම්බ ගෙන දැමූ පුද්ගලයෙකු අත්අඩංගුවට


(මනෝජ් හර්ෂික)

බදුරලිය දික්හේන ප්‍රදේශයේ පාසලක් අසළ අත්බෝම්බ කිහිපයක් දැමීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී අද (24) සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

සැකකරු හැඩිගල ජනපදය, බදුරලිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි  පුද්ගලයකු බව කාර්යාලය කියයි.

සැකකරු බදුරලිය පොලිස් ස්ථානයේ රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරන බව මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.