(යොහාන් භාසුර)
ජනතාව ගෙවන බදු මුදල්වලට වටිනාකමක් තිබිය යුතු මෙන්ම එම මුදල්වලට වෙන්නේ කුමක්දැයි සොයා බැලීමට ජනතාවට අයිතියක් ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
කොළඹ හැව්ලොක් පෙදෙසෙහි පිහිටි මයුරාපති ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිල අසල ශ්‍රවනාගාරයේ පැවති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය එසේ පැවසුවාය.
කොළඹ නගරය විවිධත්වයෙන් පිරුණු නගරයක් මෙන්ම එහි කුඩා භූමි ප්‍රමාණයක් තුළ විවිධ ජාතීන්, ආගම් සහ පන්තිවල ජනතාව ජීවත් වන බවත් ඉතාම පොහොසත් පිරිසක් මෙන්ම තමන්ගෙ මූලික අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට නොහැකි පිරිස් දක්වා විශාල පරාසයක මිනිසුන් ජීවත් වන නගරයක් බවත් ඇය පැවසුවාය.
කොළඹ නගරයේ සංවර්ධනය විය යුතු දේවල් විශාල වශයෙන් ඇති අතර කොළඹ මහ නගර සභාව වාර්ෂික විශාල ආදායමක් ලැබුවද ජනතාව ගෙවන බදු මුදල්වලට වෙන්නේ කුමක්දැයි ජනතාව දැනගත යුතු බව ද අග්‍රාමාත.්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය වැඩි දුරටත් කීවාය.