බණ්ඩාරවෙල රිය අනතුරෙන් තුනක් රෝහලට


(සමන් පාලිත නානායක්කාර)

බණ්ඩාරවල නගරයේ දී  මෝටර් රථයක් හා ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටීමෙන් අද (25) නත්තල් දා සවස සිදුවූ රිය අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් තිදෙනෙකු බරපතල තුවාල ලබා බණ්ඩාරවෙල දිසාරෝහලට ඇතුලත් කළ බව බණ්ඩාරවල මූලස්ථාන පොලිසිය කියයි.

අනතුරෙන් පසුව මෝටර් රථය ගිනිගත්  බවත් බණ්ඩාරවෙල නගර සභා ගිනි නිවීම් ඒකකය පැමිණ මෝටර් රථයේ ගින්න නිවීමට කටයුතු කළ බවත්  මෝටර් රථයට හා ත්‍රී රෝද රථයට දැඩි  හානි වී ඇති බවත්  පොලිසිය කියයි.