( ඩී.කේ.රත්න )
තම වගාවන් සදහා පොහොර නොමැතිකමින් තමන් දැඩි අපහසුතාවයට පත්වී ඇතයි පවසමින් බණ්ඩාරවෙල මාතැටිල්ල ගොවි ජනතාව මාතැටිල්ල වෙල්යායේ දී උද්ඝෝෂණයක අද (22) දහවල් උද්ඝෝෂණයක නිරත වුහ.
මේ වන විට තමන් වගා කර ඇති එළවලූ වගාවන් සදහා රසායනික පොහොර හෝ කාබනික යන කිසිදු පොහොරක් නොමතිකමින් එම වගාවලින් නිසි අස්වනු ලබා ගැනීමට නොහැකිවීම නිසා තමන් දැඩි අපහසුතාව පත්වී ඇතයි පවසමින් ප‍්‍රදේශයේ ජනතාව මෙම උද්ඝෝෂණයේ නිරත වූහ.
උතීතයේ සිටම තම ප‍්‍රදේශයේ ජනතාව කිසිදු අවහිරයකින් තොරව සාර්ථක ලෙස ගොවිතැන් කටයුතු සිදු කරමින් තම දරුවන් පෝෂණය කළ අතර පොහොර ආනයනය එක්වරම නතර කිරීම නිසා රසායනික පොහොර හෝ කාබනික පොහොර නොමතිවීම මගින් තම වගාවන් සිදු කර ගැනීමට නොහැකි වී ඇතයි මෙම ගොවි ජනතාව කියති.
බණ්ඩාරවෙල මාතැටිල්ල වෙල්යායට පැමිණි ප‍්‍රදේශයේ ගොවි ජනතාව විරෝධතා පුවරු රැගෙන සටන් පාඨ කියමින් පැයක පමණ කාලයක් මෙසේ උද්ඝෝෂණයේ නිරත වූහ.