(මනෝජ් හර්ෂික)
තොග ගබඩාකරුවන් සහ අතරමැදියන්, දේශීය බඩඉරිඟු තොග ඉදිරි සති දෙක තුළ නිදහස් නොකළොත් බඩඉරිඟු ආනයනය සඳහා ඉඩ ලබාදෙන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා අද (13) සඳහන් කළේය.
මේ වනවිට ගොවීන් ළඟ බඩඉරිඟු නැති බවත් තොග ගබඩාකරුවන් සහ අතරමැදියන් බඩඉරිඟු රඳවාගෙන සිටින බවත් අමාත්‍යවරයා එහිදී කීය.
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රගතිය හා ඉදිරි සංවර්ධන වැඩසටහන් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ පිළිබඳ පැවැසීය.
රුපියල් 45 සිට 52 දක්වා මිලකට බඩඉරිඟු තොග, සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා එම ව්‍යාපාරිකයන්ට නිදහස් කරන ලෙස තොග ගබඩාකරුවන් සහ අතරමැදියන් ඉල්ලීමක් කර ඇති බවත් එහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.
සත්ත්ව ආහාර සඳහා බඩඉරිඟු නිකුත් නොකළොත් ඉදිරියේදී මස් හා බිත්තර මිල ඉහළයාම සිදුවීමට ඉඩ ඇති බවත් ඉක්මණින් තොග නිදහස් නොකළහොත් බඩඉරිඟු ආනයනයට ඉඩ ලබා දෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

