බටහිර ඉරානයට ප්‍රබල භූමිකම්පාවක්


බටහිර ඉරානයට බලපෑ භූමිකම්පාවක් හේතුවෙන්  ඉරාන වැසියන් 500ක් තුවාල ලබා ඇති අතර  බියට පත් වැසියන් පදිංචිව  සිටි ස්ථාන හැර ගොස්  ඇති බව ඉරාන බලධාරීහු පවසති.


ඊයේ රාත්‍රි 8 ට පමණ ඇති වූ මෙම භූකම්පනය රික්ට(ර්)  මාපකයේ 6.3  ක් ලෙස සටහන් වී ඇත.
 
කෙර්මන්ෂා පළාතේ ඉරාක දේශ සීමාව ආසන්නයේ සාර්පොල්  සුහබ් නගරයේ සිට සැතපුම් 12 ක් පමණ දුරකින් භූමිකම්පාව සිදුවී ඇත.


ගොඩනැගිලිවලට, නිවාස වලට හා මාර්ගවලට හානි සිදු වී ඇති අතර තුවාලකරුවන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර ඇත.


2003 වසරේදී රික්ටර් මාපකයේ 6.6 ක භූකම්පනයකින් දකුණු ඉරානයේ බෑම් ඓතිහාසික නගරය  විනාශ වූ අතර ඉරාන වැසියන් 26,000 පමණ මියගියහ.


පසුගිය වසරේ සාර්පොල්  සුහබ් නගරය ආසන්නයේ රික්ටර් මාපකයේ  7.3 ක  ඇතිවූ භූකම්පනයෙන් 9,000 කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇත.


1980 වර්ශවලදී  ඉරානය හා ඉරාකයේ ඇතිවූ විනාශකාරී යුද්ධයෙන් පසුව මෑත දශක කිහිපයේදී ඉරානය නැවත ගොඩනැගීම සිදුවූ අතර භූමිකම්පා වලින් ඉරාකයට විශාල හානියක් සිදුවිය. 


භූකම්පනය සිදු වූ ප්‍රදේශයේ මුදා ගැනීමේ කණ්ඩායම් මෙහෙයුම්වල නිරතව සිටිති. 


( 63226)