බටලීයේ ලොකු අනතුරක්


(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කොළඹ මහනුවර මහා මාර්ගයේ බටලීය ප්‍රදේශයේදී මීට සුළු වේලාවකට පෙර බස් රථයක් ,කැබි රථයක්,ටිපර් රථයක් හා ලොරියක් ගැටී සිදු වූ අනතුරකින් කොළඹ නුවර මාර්ගයේ වාහන ගමනා ගමනයට දැඩි බාධා එල්ලවි ඇතැයි පොලිසිය කියයි.

අනතුරත් සමග  විදුලි කණුවක් බස් රථය මතට කඩා වැටීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමනයට දැඩි ලෙස බාධා පැමිණ ඇත.

ප්‍රධාන මාර්ගයේ ඇති වී පවතින අවහිරතාවය හේතුවෙන් බටලීය ගල්අමුණ කල්එළිය පස්යාල හරහා වාහන ගමන් කිරීමට පහසුකම් සැලසීමට පොලිසිය පියවර ගෙන තිබේ.

අනතුරින් සිදුවු තුවාල හෝ ජීවිත හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නැත