පෞද්ගලික බස්වලට නීති මාලාවක්


( කාංචන කුමාර ආරියදාස)

පෞද්ගලික බස් රථ ධාවනයේ යොද වන්නේ නම් පිළිපැදිය යුතු නීති රීති මාලාවක් සමස්ත පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපති සම්මේලනය විසින් අද නිකුත් කරනු ලැබීය.

රියදුරු කොන්දොස්තරවරුන් පිළිපැදිය යුතු කරුණු පිළිබඳව දැනුවත් කිරීම සඳහා දඹුල්ලේදී අද පැවැති මාධ්‍ය හමුවකදී සමස්ථ පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපති සම්මේලනයේ කැඳවුම්කරු නිලන්ත ඒකනායක මහතා එම නීති ඉදිරිපත් කළේය.

බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා එන්නත් දෙකම ලබාගෙන සිටිය යුතු අතර බව සනාථ කළ යුතුය.

රියදුරු කොන්දොස්තරවරයා ඇතුලු බස්රථයේ ගමන් කරන සෑම මගියකු ගමන ආරම්භයේ සිට අවසානය දක්වා මුව ආවරණ පැළඳ සිටිය යුතුය

මගියකු හෝ වෙනත් අයකු බස් රථය තුළ මුව ආවරණ ඉවත් කර සිටින්නේ නම් එහි වගකීම් කොන්දොස්තරවරයාට පැවරෙන බවත් ඔහුට විරුද්ධව නීතියානුකූල කටයුතු කළ යුතුය.

බස් බස් රථ ධාවන කාලය අකුරටම ක්‍රියාත්මකත්මක කළ යුතුය.

රජයේ සහ පෞද්ගලික අංශවල සේවකයන්ට විවිධ වෘත්තිකයන්ට ප්‍රමුඛස්ථානය ලබා දිය යුතුය

බස් රථයේ මගින් ප්‍රවාහනය කිරීමේදී අසුන් ගත් මගින් පමණක් ප්‍රවාහනය කළ යුතු බවත් කිසිදු ආකාරයකින් වැඩිපුර මුදල් මගීන්ගෙන් ලබා ගැනීම තහනම් වේ.

බස් බස් රථවල ජංගම වෙළඳාම සිඟමනේ යෙදිය දීම බුලත්විට සැපීම ආහාරපාන ගැනීම දුම්වැටි භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් වන අතර එහි වගකීම කොන්දොස්තරවරයාට පැවරේ

සිවිල් ඇඳුමෙන් සැරසුණු පරීක්ෂකවරුන් දිවයින් පුරා යොදවා තිබෙන බවද මෙම නීති පිලිපැදිමකින් තොරව සිටින අයට කිසිදු සොයා බැලීමකින් තොරව ධාවන බලපත්‍ර අත්හිටුවන බව ද නිලන්ත ඒකනායක මහතා සඳහන් කළේය.

මෙම දැඩි කොන්දේසි බස් රථවලට පනවා ඇත්තේ වසංගතය නිමා කර ගැනීම් සඳහා බස් රථ හිමියන් සේවකයන්ගේ ආරක්ෂාව මෙන්ම ව්‍යාපාරය පවත්වාගෙන යෑම සඳහා බවත් සඳහන් කළ නිලන්ත ඒකනායක මහතා සෑම බස්රථ හිමියකුටම එක් බස් රථයකට රුපියල් පනස් දහසක් වටිනවා වාර්ෂික පැකේජ ක්‍රමයක් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය මගින් හඳුන්වා දී තිබෙන බව ය

එම පහසුකම් සියල්ල සපයන අතර බස් රථ සියල්ලම නොමිලේ විසබීජහරණය ට ලක් කිරීම බස් රථ ගාල් කොට තබන නැවතුම්පොළවල් විසබීජහරණය කිරීම පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමඟ එක්ව සිදුකරන බවද ඒ මහතා සඳහන් කළේය.