(විනීතා එම් ගමගේ)
පෞද්ගලික අංශයේ දැවැන්ත සේවක කප්පාදුවක් සිදුවෙමින් පවතින බව වෘත්තිය සමිති පෙන්වා දෙති.
ඇඟළුම් කම්හල්වල පමණක් අප්‍රේල් මාසය අවසන්වන විට දෙලක්ෂයකට ආසන්න රැකියා ප්‍රමාණයක් කප්පාදු වී ඇතැයි ද වෘත්තිය සමිති පෙන්වා දෙති.
සියයට පණහක් සේවක කප්පාදුවක් සිදුකිිරීමට ඉල්ලා ඇති ආයතන මෙන්ම වසරකට අඩු සේවා කාලයක් ඇති සේවකයින් ඉවත් කිරීමට ඉල්ලා ඇති ආයතන ද රාශියක් පිළිබඳව තම සංගමය වෙත වාර්තා වී ඇතැයි අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.
පෞද්ගලික අංශයේ ආයතන කඩා වැටීම පිළිබදව යම් ක්‍රියා මාර්ගයක් ගැනීමට රජය වහා මැදිහත් විය යුතුව ඇතැයි ද සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.
අවම වශයෙන් රුපියල් බිලියන 300 ක් වත් පෞද්ගලික අංශය නගා සිටුවීම සඳහා යෙදවිය යුතුව ඇතැයි ද ව්‍යාපාරවල සිදුව ඇති හානිය සොයා බලා ඒවා වාර්ශික පිරිවැටුම සමග සසඳා බලා අවශ්‍ය උපකාර සිදුකර යුතු ව ඇතැයිද සමරසිංහ මහතා පැවැසීය.
මේ සම්බන්ධව කම්කරු අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් සිදුකළ බව කී අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපතිවරයා එහි දී පැමිිණි එකඟතා මේ වනතුරුත් ඉටු නොවු බව ද කියාසිටියේය.

