පොහොර ඉල්ලා වැලිමඩ ගොවීහු උද්ඝෝෂණයක


(ස​මන් පාලිත නානායක්කාර)

වැලිමඩ ගොවීහු පිරිසක් සිය වගාවන්ට පොහොර ලබා දෙන්නැයි ඉල්ලා ගොවි බිම්වලට අද දහවල් විරෝධතාවක නිරත  වූහ.

කලු කොඩි, විරෝධතා පුවරු හා පෝස්ටර් රැගෙන පා ගමනින් වැලිමඩ  උඩුබාදන වෙල්යායට  පැමිණි ගොවීහු පැය දෙකක පමණ කාලයක් තම වගා බිම්වල සිට උද්ඝෝෂණයේ නිරත වූහ. 

සංචාරණ සීමා නොතකා ගොවීහු උද්ඝෝෂණයේ නිරත වූ අතර වගා හා කුඹුරු විනාශවීම වළක්වා ගැනීමට වෙන කළ හැකි දෙයක් නොමැති බැවින් මෙසේ සිය විරෝධතාව දක්වන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ බදුල්ල දිස්ත්‍රික් විධායක සභික ඩබ්ලිව්. එම්.  ගුණවර්ධන මහතා පවසයි.