පොහොර ඉල්ලා ගෙවීහු මහ පාරට


(සනත් ගමගේ)

මෙවර යල් කන්නයේ වගා කර ඇති කුඹුරු වලට රසායනික පොහොර ඉල්ලා අම්බලන්තොට රිදියගම ඒකාබද්ධ ගොවි සංවිධානයේ ගොවීහු  පිරිසක් අම්බලන්ගොඩ - රිදියගම මාර්ග හරස් කරමින් විරෝධතාවක නිතර වූහ.

අම්බලන්තොට රිදියගම මාර්ගයේ  ගමනා ගමනයට පවා බාධා වනසේ ගොවීහු සිය විරෝධය සිදු කළහ.

දැනට මාස 3 ක් වන ගොයමට නිසි වේලාවට පොහොර යෙදීමට නොහැකි වුවහොත් සම්පූර්ණ වගාව විනාශ වන බව ගොවීහු කියති.