(අංජුල මහික වීරරත්න)
කථානායක අශෝක රන්වල මහතාට විරුද්ධව විශ්වාස භංගයක් ඉදිරිපත් කරන බව පොදු ජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා ලංකාදීපයට පැවසීය.
කථානායකවරයාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රශ්නකාරී තත්ත්වය නිසා ඔහු පිළිබද විශ්වාසය කඩ වී ඇතැයිද එම නිසා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම රැස් වී අදාල තීරණය ගත් බව ද ජානක මහතා සඳහන් කළේය. පොදු ජන පෙරමුණ ගත් මෙම තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සියලු පක්ෂ වලට ලිඛිතව දැනුම් දෙන බව කී ඩී.වී චානක මහතා ඒ අනුව අදාළ විශ්වාස භංගය සඳහා ඔවුන්ගේ ද සහාය ලබා ගැනීමට අදහස් කරන බව කීය.
රටේ ඉහළ පෙළේ පත් කිරීම් කරන ව්‍යවස්ථාදායක සභාවේ සහ උසස් නිලතල කාරක සභාවේ ප්‍රධානියා වන්නේ කථානායකවරයා බව කී චානක මහතා එවන් උසස් තනතුරු පත් කරන තැනක ප්‍රධානියා තමන්ට නැති උපාධියක් ආරූඪ කරගෙන තිබේ නම් එය ගැටලු සහගත තත්ත්වයක් බව ද වැඩිදුරටත් පැවසීය.