නාලක සංජීව දහනායක
පාර්ලිමේන්තු මැතිවරණය ජයග‍්‍රහණය කිරීම සඳහා පොදුජන පෙරමුණේ සාමාජිකයන්ගේ ඡන්ද ලබාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීමට තමා සූදානම් නැතැයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ‘ලංකාදීපයට ’පැවසීය.
තමා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙනුවෙන් හා එහි අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා කීය.
ඉදිරි මහා මැතිවරණය ජය ගැනීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ හා අගමැති මහින්ද රාජපක්‍ෂ මහත්වරුන්ගේ නායකත්වය යටතේ පොදු සන්ධානයක් ගොඩනැඟිය යුතු බවත් ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය හා දෙමළ පක්‍ෂ ඇතුලූ ප‍්‍රගතිශීලී බලවේග එකට එක්ව පොදු සන්ධානයක් ගොඩ නැඟිය යුතු බවත් සඳහන් කළේය.
මැතිවරණය ජයග‍්‍රහණය කිරීමේ අරමුණින් එක් එක් පක්‍ෂවලට යාම සහ ඒවායේ සාමාජිකත්වය ලබාගැනීමේ උවමනාවක් තමන්ට නැතැයි කී අමාත්‍යවරයා තමා කැප වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉදිරිගමන වෙනුවෙන් පමණක් යැයිද කීය.
පොහොට්ටුවට යන්නේ නෑ - ශ්‍රීලනිපය වෙනුවෙන් කැපවෙනවා
Recommended Articles