(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් මන්ත්‍රී කණ්ඩායමට එක්වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔවුන් නුදුරු කාලයේදී එම කණ්ඩායම සමග එක්වීමට නියමිතව ඇති බවද දැනගන්නට තිබේ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ස්වාධීන වූ ඩලස් අලහප්පෙරුම මහාචාර්ය ජී එල් පීරිස් යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරුදහතුන් දෙනෙක් ඉකුත් බදාදා පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ අසුන් ගත්හ.
එම පිරිස නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා මූලික සැලසුම් සකස් කර ඇති අතර,ඒ සඳහා වෙනම කාර්යාලයක් ද ඉකුත් සිකුරාදා නාවලදී විවෘත කරනු ලැබීය.

