(රෝහණ චන්ද්‍රදාස සහ දයාරත්න ඇඹෝගම)
මෙවර පොසොන් පොහෝදා අනුරාධපුර මිහින්තලය හා තන්තිරිමලේ පුදබිම් කරා වන්දනාවේ යන ජනතාවට ගමන් පහසුව වෙනුවෙන් සාමාන්‍ය දුම්රිය ධාවනයට අමතරව විශේෂ දුම්රිය ගමන් වාර කීපයක් ධාවනය කිරීමට ද දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
ඒ සඳහා සකස් කර ඇති දුම්රිය ධාවන කාල සටහන අනුරාධපුර ප්‍රාදේශීය ප්‍රවාහන අධිකාරී නිරන්ත විස්සුන්දර මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත.
ඒ අනුව දිනපතා අනුරාධපුර සිට මාතර බෙලිඅත්ත දක්වාත්, බෙලිඅත්ත සිට අනුරාධපුර දක්වාත් ධාවනය කෙරෙන දුම්රියට ගමන්වාර දහයට අමතරව විශේෂ දුම්රිය ගමන්වාර දහයක් ජුනි 02 වැනිදා සිට 05 වැනිදා තෙක් ධාවනයට යෙදවීමට පියවර ගෙන ඇත. ගාල්ල,කොළඹ කොටුව හා අනුරාධපුර අතර එම විශේෂ දුම්රිය ධාවනය කෙරේ.

