
(ගයාන් සූරිය ආරච්චි)
පොසොන් පොහොය නිමිති කරගෙන හෙට (9) දා සිට අනුරාධපුර, මිහින්තලය සහ අටමස්ථානයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 3500 ක් යොදවා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
එම බැතිමස්ථාන මුල්කරගෙන රථවාහන හැසිරවීමට, බැතිමතුන්ගේ ආරක්ෂාවට සහ වැව් ආශ්‍රිතව සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා මෙම ආරක්ෂක වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.
ප්ලාස්ටික් පොලිතින් වැනි පරිසරය අපවිත්‍ර වන දෑ රැගෙන ඒමෙන් වළකින ලෙසත්, තමන් සතු වටිනා දේපළ සොර සතුන්ගෙන් ආරක්ෂා කර ගන්නා ලෙසත් පොලිසිය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම පුදබිම් අපවිත්‍ර නොකරන ලෙසත් පොලිස් නිලධාරීන්ට සහාය වී ඔවුන්ගේ සහයෝගය ද ලබා ගන්නා ලෙසත් පොලිසිය පවසයි.

