පොලීසිය පන්නද්දී සැකකරු උදරයට ඇනගනී


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)                   

ගල්කිස්ස ප්‍රදේශයේ විවිධ අපරාධ සිද්ධීන් හා ගෙවල් බිඳුම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට යාමේදී  තියුණු ආයුධයකින් උදරයට ඇණ ගැනීම හේතුවෙන්  ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහල් ගත කළ බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.

ගල්කිස්ස, බටපඳුරුවත්ත, ටෙම්පලර්ස් පාර, කලාපුර වැනි ප්‍රදේශයන්හී දීර්ඝ කාලයක් තිස්සේ දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේදී විවිධ අපරාධ සිද්ධීන් වාර්තා වු බැවින් ලද තොරතුරක් මත සැකකාර පුද්ගලයා සැඟව සිටින ස්ථානයට ගොස් අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙම සිදුවීම සිදුවූ බව පොලීසිය පවසයි.                                   

ගඩොල් ගල් භාවිතා කරමින් එම ගල්ගොඩ මැදට වන්නට සකස් කර තිබූ බංකරයක් වැනි ස්ථානයක සැඟවී  සිටි සැකකරු  පොලිස් නිලධාරින් දැකීමත් සමගම එම ස්ථානයෙන් පළා යාමට උත්සාහ කිරීමේදී පොලිස් නිලධාරීන් ඔහු ලුහුබඳිමින් අත්අඩංගුවට ගැනීම සඳහා දිව යන අතරතුර සැකකරු  මාර්ගය අසබඩ පිහිටි අපජලය ගලා යන ඇළකට පැන ඔහුගේ  ඉණෙහි රඳවාගෙන තිබූ තියුණු උල් පිහියක් ගෙන උදරය ප්‍රදේශයට ඇණ ගනිමින් තුවාල සිදුකරගෙන තිබේ.