පොලිසියේ ලොක්කන් 8 දෙනෙකුට ස්ථානමාරු


(ඉන්දිකා රාමනායක)

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් පස් දෙනෙකුට ඇතුළු උසස් පොලිස් නිලධාරීන් 8 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී ඇත.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා විසින් මෙම ස්ථෘන මාරුවීම් ක්‍රියාත්මක කර ඇති බවද පොලිස් මුලස්ථානය පවසයි.