(නිමන්ති රණසිංහ)
ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කරන ලද විරෝධතා ව්‍යාපාරය වළක්වාලමින් ආඥාවක් නිකුත් කරන ලෙසට කුරුදුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (08) ප්‍රතික්ෂේප කළේය.
විරෝධතාකරුවන් සාමය කඩවන අයුරින් කටයුතු කළහොත් පොලිස් බලතල පාවිච්චි කරන ලෙසට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා පොලිසිය කළ ඉල්ලීම එලෙස ප්‍රතික්ෂේප කළේය.

