පොලිස්පති පුජිත්ගෙන් රහස් පොලීසිය ප්‍රශ්න කරයි


 ( තරිදු ජයවර්ධන)
 
 සහකාර පොලිස් අධිකාරී  ප්‍රසන්න අල්විස් මහතා ඇතුළු පිරිසක් ඝාතනය කිරීමට  කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  මේ වන විට  පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටී.


පුජිත් ජයසුන්දර මහතා  අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ එම දෙපාර්තමේන්තුව කළ කැඳවීමක් අනුවය.


ත්‍රස්ත විමර්ශන අංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ හා තවත් පිරිසකගෙන් ප්‍රකාශ ලබා ගැනීමේදී අනාවරණය වු කරුණු සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් කරුණු විමසන දැනගන්නට ඇත.