
(ඉන්දිකා රාමනායක)
රඹුක්කන ගැටුම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට පොලිස්පතිවරයා ඇතුලු උසස් පොලිස් කණ්ඩායමක් ශ්‍රි ලංකා මානවහිමිකම් කොමිෂන් සභාව හමුවට අද (22) පෙරවරුවේ පෙනී සිටියහ.
රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ආරම්භ කර ඇති විමර්ශනයකට අදාලව පොලිස්පතිවරයා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (මධ්‍යම පළාත), නියෝජ්‍ය පොලිස්පති ( මධ්‍යම පළාත), ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි (කෑගල්ල), සහ කෑගල්ල හා රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරුන් අද පෙරවරු 11.00 ට මෙලෙස මානව හිමිකම් කොමිසම හමවේ පෙනී සිටින ලෙසට කර තිබු දැනුම් දීමකට අනුව මෙම පිරිස එහි පෙනී සිටියහ.
එම කණ්ඩායම තවමත් එහ කොමිසම හමුවේ කරුණු දැක්වමින් සිටින බව එහි ආරංචි මාර්ග පවසයි.
(ඡායාරූප: ගයාන් අමරසේකර)



