(ගයාන් සූරියආරච්චි)
ඇගිලි සටහන් ලබාගැනීම සදහා තලාව පොලිස් සිරමැදිරියෙන් පිටතට ගෙන සිටියදී පොලිස් අත්අඩංගුවෙන් මිදී පලාගිය සැකකරු ඊයේ (16) අත්අඩංගුවට ගත් බව තලාව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තලාව, ගම්බිරිස්වැව ප්‍ර දේශයේ පදිංචි අවුරුදු 19 ක පුද්ගලයෙකි.
නිවෙසක් බිඳ දේපොළ සොරකම් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉකුත් (12) වැනිදා තලාව පොලිසියට ලද පැමිණිල්ලක් මත එම අපරාධයේ සැකකරු ඉකුත් (14) දින සොරකම් කරන ලද දේපොළ සමඟ තලාව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.