පොලිස් සැරයන් ඒ.එස්.පීට තගක් දාලා


(ඉන්දිකා රාමනායක)

නිලාවේලි පොලිසියේ පැවැත්වු මාසික පරීක්ෂණයේ දී සපත්තු ජෝඩුව සහ බඳ පටිය නිසි ලෙස ඔප නොකළේ මන්දැයි කළ කරුණු විමසීමේ දී පොලිස් සැරයන්වරයකු සහකාර පොලිස් අධිකාරි වරයාට පිරිස ඉදිරියේ උස් හඩින් කතා කර ඇතැයි  පොලිස් ආරංචි මාර්ග පවසයි.

“අපේ මේ අඩුපාඩු ඔච්චර කියන්න දෙයක් ද, මේවා ප්‍රශ්න ද මීට වඩා ප්‍රශ්න අපට තියනවා , අපි ට තියන ප්‍රශ්න දන්නේ අපි විතරයි, ඕන දෙයක් කරන්න, ඕනේ නම් මගේ වැඩ සහනම් කරයි, ඒත් මම බය නැහැ යැයි” මෙම මාසික පරීක්ෂණයේ දී සහකාර පොලිස් අධිකාරිවරයාට පවසා ඇත.

රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පොලිස් නිලධාරීන් වෙනුවෙන් වෙනම පේලියක් තිබෙන අතර මෙම පොලිස් සැරයන්වරයා වෛද්‍ය නිර්දේශයකින් තොරව සහ උසස් පොලිස් නිලධාරීන්ගෙන් නිසි අවසරයකින් තොරව එම පේලියේ සිට මෙම ක්‍රියාව සිදුකර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම සැරයන්වරයාගේ මෙම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් මූලික විමර්ශනයක් පවත්වා ඊයේ (17) දින සිට ඔහු වැඩතහනමට ලක්කර ඇති බවද එම උසස් නිලධාරියා කියා සිටියේය.