පොලිස් ස්ථානාධිපතිවරුන් 33 කට ස්ථාන මාරු


(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

ජාතික පොලිස් කොමිෂන් සභා ලේකම්ගේ අනුමැතිය මත ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් හා පොලිස් පරීක්ෂකවරුන් 33 කු උදෙසා ස්ථාන මාරු කිරීම් වහාම ක්‍රියාත්මක වන පරිදි  සිදුකර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි’

එම පොලිස් නිලධාරීන්ගෙන් කොස්ලන්ද , මතුරට, හික්කඩුව ,කැප්පෙටිපොළ, ත්‍රිකුණාමලය , පිළියන්දල, පොළොන්නරුව, වංකාලෙයි හා වවුනියාව පොලිස් ස්ථානාධිපති තනතුර දැරූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු  9  දෙනකුට සහ කඩුවෙල පොලිස් ස්ථානාධිපති තනතුර දැරූ පොලිස් පරීක්ෂකවරයෙකු සාමාන්‍ය රාජකාරී සඳහා යොදවා ඇත

පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අත්සනින් යුතුව එම ස්ථාන මාරුවීම් නියෝග ක්‍රියාත්මක වී ඇත.