(දසුන් රාජපක්ෂ)
ජාතික පොලිස් කොමිසම විසින් නියෝජ්‍ය පොලිස්පතිවරුන් හතර දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 60 දෙනෙකුට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී ඇත.
ස්ථාන මාරුවීම් ලබාදී ඇති නියෝජ්‍ය පොලිස්පතිවරුන් මෙසේය.
බදුල්ල දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලියු.එස්.ජයසුන්දර මහතා බස්නාහිර උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කොට තිබේ.
මොණරාගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කේ.ඩි.ඒ.කරවිට මහතාට එම දිසාවට අමතරව බදුල්ල දිසාවද භාර දී ඇත.
සුභසාධක දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ආර්.එල්.කොඩිතුවක්කු මහතා පොලිස් මූලස්ථාන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කොට ඇත.
ක්ෂේත්‍ර බලකා මුලස්ථාන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එල්.කේ.කේ.සිල්වා මහතාට එම දිසාවට අමතරව සුභසාධක දිසාව ද භාර දී තිබේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 8 ක් පොලිස් අධිකාරිවරුන් 11 ක් සහකාර පොලිස් අධිකාරිවරුන් 17 ක් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් 20 ක් හට ද ස්ථාන මාරුවීම ලබා දී ඇත.

