පොලිස් ධජවලට සෙත් පතති


(බී.ජී. චතුරංග)

157 වන පොලිස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා පොලිස් ධජවලට ආශිර්වාද කිරිමේ පුණ්‍යෝත්සවය අනුරාධපුර පිහිටි ජය ශ්‍රී මහ බෝධින්වහන්සේ අභියසදී හා රුවන්මැලි සෑරදුන් අභියසදී අද පස්වරුවේ කෙරිණි.

උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරින් පිරිස ප්‍රථමයෙන් අටමස්ථානාධිපති  පල්ලේගම හේමරතන නාහිමි බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව උන් වහන්සේ ප්‍රමුඛ පෙරහැරකින් පැමිණ පොලිස් ධජවලට ආශිර්වාද කිරීම ජයශ්‍රී මහ බෝධින් වහන්සේ අභියසදී සිදු කෙරුණි.

මෙහිදී මහා සංඝරත්නය ජය ශ්‍රී මහ බෝධීන්වන්සේ අභියසදී පිරිත් සජ්ඣායනාකර ධජවලට සෙත් පැතුහ.

අනතුරුව පූජාවට පැමිණි සියළුම පොලිස් නිළධාරින් ජය ශ්‍රී මහ බෝධින්වහන්සේ අභියස සහ රුවන්වැලිසෑය අබියස පැවති ආගමික වතාවත්වලට සදහා සහභාගි වූහ.