
(ඉන්දික අරුණ කුමාර)
පොලිසිය නාඋල දෙකේ කනුව ප්‍රදේශයේ දී සිදුකල සෝදිසියක දි සැකකරුවකු පරීක්ෂා කිරීමේදී ඔහු සමග සිදු වූ බව කියන පොර බැදිමක් හේතුවෙන් පොලිස් නිලධාරියකුගේ ගිනි අවියක් ක්‍රියාත්මක වි එම පුද්ගලයා ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
නාඋල පොලිසියේ නිලධාරින් දෙදෙනකු සැක කටයුතු පුද්ගලයකු පරික්ෂා කිරිමේ දි එම සැකකරු සන්තකයේ තිබි හෙරෝයින් මත්ද්‍රව්‍ය පැකට් 13 ක් හමුවු බවත් එවා පරික්ෂා කිරිමට යැමේ දි සැකකරු රාජකාරියේ යෙදි සිටි නිලධාරියකු සමග පොරබැදිමත් සමග පොලිස් නිලධාරියා සතුව තිබු ගිණි අවිය ක්‍රියාත්මකවිමෙන් සැකකරුට වෙදි වැදි ඇති බව පොලිසිය කියයි.
අනතුරුව තුවල කරු නාලන්ද රජයේ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇති බව නාලන්ද රෝහල් ප්‍රකාහකයෙතු කියා සිටියේය.
මෙසේ මිය ගොස් ඇත්තේ නාඋල - දෙකේ කනුව ලිපිනයේ පදිංචිව සිටි ඒ.ජි.තුෂාර චන්ද්‍රරත්න (37) නැමැති අයෙකි.



