පොලිස් කොස්තාපල් ගංජා සමග මාට්ටු


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ගංජා කිලෝ හයක් යාපනයේ සිට ප්‍රවාහනය කළ බව  කියන පොලිස් කොස්තාපල්වරයකු ගංජා  මාන්කුලම් පොලිස් මාර්ග බාධකයෙදි තවත් සැකකරුවන් දෙදෙනකු සමග  අත් අඩංගුවට ගත් බව කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් අධිකාරි කාර්යාලයේ ලිපි ලේඛන පොලිස් මුලස්ථානයට රැගෙන යාම භාරව සිටි පොලිස් කොස්තාපල්වරයකු බව පොලිසිය කියයි. 

අදාල පොලිස් කොස්තාපල්වරයා නොච්චියාගම සිය නිවසේ සිට මෝටර් රථයකින් යාපනයට ගොස් ආපසු නිවසට පැමිනේමින් සිටියදී වව්නියාව මාන්කුලම් පොලිස් මාර්ග බාධකයෙදි අත් අඩංගුවට ගෙන ඔවුන් ගමන් කළ වාහන සෝදිසි කිරීමේදි කිලෝ දෙක බැගින් සැකසු පාර්සල් තුනක් වාහනයේ සගවා තිබියදි සෝයා ගත් බව කියයි.

අත් අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපලවරයා හා අනෙක් සැකකරුවන් මන්නාරම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනී.