(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කුලියාපිටිය කොට්ඨාස බාර පොලිස් අධිකාරීවරයා ඇතුළු පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකුට වහා ක්‍රියාත්මක වන පරිදි ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව ස්ථානමාරුවීම් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
පොලිස් අධිකාරී ඔෂාන් හේවාවිතාරණ මහතා කුලියාපිටිය පොලිස් කොට්ඨාසයේ සිට කලුතර පොලිස් අභ්‍යාස විදුහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙසද, නුගේගොඩ පොලිස් අධිකාරී එල්. එස්. සිගේරා මහතා කුලියාපිටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරී ලෙසද, ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් අධිකාරී ඩබ්.එම්.ඒ.ආර්. ප්‍රනාන්දු මහතා නුගේගොඩ පොලිස් කොට්ඨාසය වෙතද ස්ථාන මාරුවීම් ලබා ඇත.

