පොලිතීන් - ප්ලාස්ටික් හානි වළක්වන්න අලුත් වැඩක්


(යොහාන් භාසුර)

පොලිතීන් සහ ප්ලාස්ටික්වලින් වන පරිසර හානිය වැලැක්වීමට ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සමඟ එක්ව මධ්‍යම පරිසර අධිකාරිය වැටලීම් තිව්‍ර කිරීමට පියවර ගෙන තිබේ.

පොලිතීන් සහ ප්ලාස්ටික අනිසි භාවිතයෙන් වන ව්‍යවසනය පිළිබඳව නිස්පාදකයන්, වෙළෙඳසැල් හිමියන්, එම කාර්ය මණ්ඩල සහ පාරිභෝගික ජනතාව දැනුවත් කිරීමට එම වැඩසටහන යටතේ ප්‍රමුඛත්වය හිමිවන බව ද මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

වැඩසටහන ආරම්භ කරමින් පරිසර පොලිසිය සහ පාරිභෝගික කටයුතු අධිකාරියේ සහයොග්ය ද ඇතිව කොළඹ පිටකොටුව ප්‍රදේශයේ මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.