77 වන නිදහස් දිනයට සමගාමීව වාර්ෂික සංවිධානය කරනු ලබන නිදහස් දින සැමරුම් උළෙල කොල්ලුපිටිය ධර්ම කිර්තයාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.
1948 පෙබරවාරි 04 වැනි දින නිදහස ලැබීමෙන්පසු අග්‍රාමාත්‍ය ඩී.එස්.සේනානායක මහතා කොල්ලුපිටිය ශ්‍රී ධර්ම කීතර්තියාරාම විහාරස්ථානයට පැමිණ විහාරාධිපති පූජ්‍ය පාද නංවාපොල විමලවංශ අනුනාහිමියන්ගේ අනූශාසනා පරිදි ආගමික වතාවක් සිදුකොට නිදහස් සැමරුම නිමිත්තෙන් අඹ පැළයක් රෝපණය කරන ලදී.
එතැන් පටන් සෑම නිදහස් සැමරුම් උත්සවයකදීම එතුමන් සිටවූ අඔ අසල පිහිටි එතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වා ආගමික වතාවත සිදුකිරීම නොකඩවා සිදු කළ අතර මෙවරද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු කතානායක කරූ ජයසූරිය , බෞද්ධ කටයුතු කොමසාරිස් ඒම්.පී රත්නායක යන මහත්වරු එම කටයුත්ත සිදුකළහ.
(ඡායාරූප: ගයාන් අමර සේකර)