පොල්තෙල්වල අඩංගු රසායන ද්‍රව්‍


(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

පොල්තෙල්වල අඩංගු රසායන ද්‍රව්‍ය නියාමනය කිරීමට අවශ්‍ය රෙගුලාසි සකස් කරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

 නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා මේ බව දැනුම් දුන්නේය. මැඩිගල්ලේ ප්‍රඥාලෝක හිමියන් ගොනුකර ඇති රිට් පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලින.

 මැඩිගල්ලේ ප්‍රඥාලෝක හිමියන් විසින් ගොනුකර ඇති මෙම පෙත්සමෙහි වග උත්තරකරුවෝ වශයෙන් පොලිස්පති, ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය, පාරිභෝගික සේවා අධිකාරිය නම් කරනු ලැබ සිටිති.

පිළිකාකාරක අඩංගු පොල්තෙල් මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට පොලිස්පතිවරයාට නියෝග කරන ලෙස ඉල්ලා පෙත්සම්කාර හිමිනම මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත.