(මොහොමඩ් ආසික්)
මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට මේ දිනවල ඇද හැළෙන ධාරණිපාත වර්ෂාව හේතුවෙන් ජලාශ රැසක වාන් දොරටු මේ වන විටත් විවෘත කර තිබේ.
ඒ අතර පොල්ගොල්ල ජලාශයේද වාන් දොරටු දෙකක් අද (24 ) සවස විවෘත කර තිබිණි.
මේ වන විට වික්ටෝරියා ජලාශයද වාන් දමන මට්ටමට පැමිණෙමින් තිබෙන බව උසස් නිලධාරියෙක් සඳහන් කළේය.