
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ගැසට් එක ගහපු දවසේ උදේ ආණ්ඩුවට හිතවත් වෙළඳ ඇමතිතුමාට හිතවත් ව්‍යාපාරිකයන් පිරිසක් පොන්නි සහල් ගෙන්වා ඇතැයි මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසිය.
මේ තත්ත්වය යටතේ අනෙක් කිසිදු ව්‍යාපාරිකයකුට සහල් ගේන්න බැරිවන බවද ඔහු සඳහන් කළේය.
අල ලූනු බද්ද ගහන්න තිබුණේ මීට මාස තුනකට පෙර යැයි මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පැවසිය.
එහෙම කළා නම් ලූනු ගොවියාටත් අල ගොවියාටත් සහන සැලසෙන බව හෙතෙම පැවසීය. ගෙනාපු ලුණු වරායේ දියවන බවද මන්ත්‍රීවරයා කීය.

