
(සුජිත් හේවාජුලිගේ)
පොදු ප්‍රවාහන සේවාව දෙසැම්බර් 31 වෙනිදා වන විට යථා තත්ත්වයට පත්කිරීම රජය බලාපොරොත්තු වන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
සියයට සියයක් යථා තත්ත්වයට පත්කිරීම අසීරු වුවත් ආසන්න වශයෙන් සෑම මාර්ගයකම බස් ධාවනය දෙසැම්බර් 31 වන දිනට පෙර සිදුකර ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා කියා සිටියේය.
මේ අතර,දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් විශාල වැඩ කටයුතු ප්‍රමාණයක් ඉතා වේගයෙන් සිදු කරමින් පවතින බවද අමාත්‍යවරයා කීය.

