පේරාදෙණිය සරසවියෙන් බත්කොළ ඉවතට


(විනීතා එම් ගමගේ)

         

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සිසුන් මුල් වී විශ්ව විද්‍යාල භූමිය බත් කොළ භාවිත නොකරන පෙදෙසක් බවට පත් කර ඇත.

ශිෂ්‍ය පිරිස් විසින් ආපන ශාලාවලින් කළ ඉල්ලීම් අනුව ආපන ශාලාවල බත්කොළ භාවිතයෙන් ඉවත් කර ඇති අතර මේ වනවිට එහි කිසිදු ස්ථානයක බත්කොළ භාවිතා නොවන්නනේ යැයි එම විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ රසායන විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාමර ජයසුන්දර මහතා පැවසීය.

2016 දී පේරාදෙණි විශ්ව විද්‍යාලය පොලිතින් රහිත කලාපයක් බවට ප‍්‍රකාශයට පත් කළ නමුත් එය නීතිමය වශයෙන් ක‍්‍රියාත්මක නොවුණු බවත් සිසුන්ගේ මැදිහත්වීම මත පොලිතින් රහිත බවට පත්වෙමින් ඇති බවත් හෙතෙම කියා සිටියේය.

මේ නිසා විශ්ව විද්‍යාලයේ ජනනය වන කසළ ප‍්‍රමාණය 80% අඩුවී ඇතැයි පෙන්වා දුන් ජයසුන්දර මහතා උත්සව සඳහා ද රිජිෆෝම්, පොලිතින් හෝ ප්ලාස්ටික් භාවිතා නොකිරීමට සිසුන් තීරණය කර ඇතැයි සඳහන් කළේය.

සැරසිලි සඳහා ඔවුන් යොදා ගන්නේ ස්වභාවික අතු,කොල, වැල්, මල් ආදී දේ බව ද කියා සිටියේය.

විශේෂයෙන් එක වරක් භාවිතා කර ඉවත දමන පොලිතින් ඉවත් කරගත හැකි නම් පොලිතීන් වලින් වන හානියෙන් 80% ක් මඟ හැරෙන බව ද ඔහු පැවසීය.