
(රන්ජන් කටුගම්පොළ)
පේරාදෙණීය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දක්ෂතම ශිෂ්‍යයාට පිරිනැමෙන ඊ්. ඕ්.ඊ පෙරේරා රන් කුසලානය 2015 වසර සඳහා අබේසේකර මහතාට පිරිනැමීමට ගත් තීරණය අවලංගු කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම රන් කුසලානය පිරි නැමීම සඳහා විනිවිදභාවයෙන් යුත් ක‍්‍රමවේදයක් සකස් කරන ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ බලධාරීන්ට අස නියෝග කළේය.
මෙවැනි ක‍්‍රියාවලියකදී පරිපාලන ආයතනයක් විනිවිදභාවයෙන් යුතු සියල්ලටම සමාන ලෙස සැලකීමේ ක‍්‍රියා පිළිවෙතක් අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු වුවත් ප‍්‍රශ්ණගත රන් කුසලානය පිරිනැමීමට තෝරා ගැනීම සඳහා විනිවිදභාවයෙන් යුතු ක‍්‍රමවේදයක් හෝ ලකුණු ලබාදීමේ නිසි පටිපාටියක් අනුගමනය කර නොමැති බැවින් ඇයදුම්කරුවන්ට සමාන ලෙස සැලකීම සහ නීතියේ ආරක්ෂාව ලැබීමේ අයිතිවාසිකම් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරිණියක වන පෙත්සම්කාර කල්පනා මානවඩු මහත්මියට ලැබී නොමැති බව තීරණය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය එසේ නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා” මහින්ද සමයවර්ධන සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම විභාග කෙරිණී.
මොරටුව ප‍්‍රදේශයේ පදිංචි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරිණියක වන කල්පනා මානවඩු මහත්මිය ගොනුකර තිබූ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ එහි සනාතන සභාව ඇතුළු පිරිසක් නම් කර ඇත.

