( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
රුවන්වැල්ල යටන් වල ස්වර්ණ වාලුකාරාම විහාරස්ථානයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේදී පෙරහරේ ගමන් ගත් අලියෙකු ඊයේ (19) හිටි හැටියේ කලබලයට පත්වී පෙරහර නරඹී සිටි ජනයා හිස්ලුලු අත දුවන්නට වූහ.
පෙරහර ගමන් කරමින් සිටියදී අවිස්සාවේල්ල කෑගල්ල මාර්ගයේ රුවන්වැල්ල ප්‍රාදේශීය සභාව අසලදී අලියා එකවරම ලොරියක තට්ටුවක් මත තැන්පත් කර තිබූ ප්‍රතිමාවකටද පහරදී බිම හෙලීමට කටයුතු කර පොලිසිය දෙසට දිව එන්නට විය.
ඒ සමඟම පෙරහරේ නර්තනයේදී සිටි පිරිස් හා නරඹමින් සිටි පිරිස හිස් ලුලු අත දිව යන්නට වූඅතර නිරවින්දන කණ්ඩායම් ද කැඳවීමට පියවරගෙන තිබිණි.
අනතුරුව ඇත් ගොව්වන් විසින් අලියා මෙල්ලකර ඉවත් කිරීමට කටයුතු කළ අතර පෙරහර සාමාන්‍ය පරිදි පැවැත්විණි.

