(නිමන්ති රණසිංහ)
පෙරටුගාමී පක්ෂය පිටකොටුව බෝධිය අසල පැවැත්වීමට සංවිධානය කරන ලද පෙළපාලිය සහ උද්ඝෝෂණය සාමකාමීව සිදුකරන ලෙසත් අවශ්‍ය වුවහොත් පොලිස් බලතල භාවිතා කරන ලෙසත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලිනි පෙරේරා මහත්මිය අද (15) පිටකොටුව පොලිසියට නියෝග කළාය.
ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක් වන පෙරටුගාමී පක්ෂය පිටකොටුව බෝධිය අසල පැවැත්වීමට සංවිධානය කළ පෙළපාළිය සහ උද්ඝෝෂණය හේතුවෙන් මහජනතාවට අපහසුවක් සිදුවීමට ඉඩ ඇති බැවින් ඒ සඳහා අධිකරණ නියෝගයක් ලබාදෙන ලෙසට පිටකොටුව පොලිසිය කළ ඉල්ලීමට අනුව මෙම නියෝගය නිකුත් විණි.

