පෙර පාසල් ගුරුවරිය අනතුරින් මරුට


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම අට්ටවිල්ලුව ප්‍රදේශයෙ  පෙර පාසල් පාලිකාවක් යතුරු පැදි අනතුරකින් මරණයට පත්ව ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය පැවසිය.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ පුත්තලම පිටවට රවුම් පාර පදිංචි 31 හැවිරිදි එක් දරු මවක්  බව කියන ජයසේකර ආරච්චිගේ මේරිස් ප්‍රශංසනී පෙරේරා නැමති  කාන්තාවකී.

අදාල පෙර පාසල් පාලිකාව පුත්තලම නගරයෙ සිට යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී පැමිනි දිශාවෙන් ප්‍රති විරුද්ධ දිශාවට හැරවිමට යාමේදී පසුපසින් පැමිනි යතුරු පැදි කරුවෙකු සමග ගැටි බරපතල ලෙස තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඉන් පසුව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර සිටියදී මරණයට පත්ව ඇති බව කියයි.

මරණයට පත් එක්දරු මව පුත්තලම අට්ටවිල්ලුව ප්‍රදේශයෙ ඇයගේ මූලිකත්වයෙන් පෙර පාසලක් පවත්වාගෙන ගොස් තිබුණි.