පෙදරේරුවා මැරූ පෙදරේරුවා මාට්ටු


 (වී.ඒ. නිශ්ශංක)

සිදුව විලේජ් නිවාස සංකීරණයේ දෙවන පටුමගේ අලුතෙන් ඉදිකරමින් පවතින නිවසක පුටුවක් මත ඝාතනය කර ඇති පෙදෙරේරුවකුගේ සිරුරක් සොයාගෙන ඇතැයි පොලීසිය කියයි.

නිවස තුලදී පෙදෙරේරුවාව ඝාතනය කර පලායමින් සිටි සැකකරු සීදූව පොලීසිය විසින් ක්ෂණිකව අත්අඩංගුවට ගත් බව සීදූව පොලීසියේ ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරික්ෂක ධනුෂ්ක මද්දුම බණ්ඩාර මහතා පැවසීය.   

ඊයෙ (14) සවස මෙම ඝාතනය සිදුව බවද පොලීසිය කියයි.

එම ස්ථානයේ හතරදෙනෙක් එකතුව සාදයක් පවත්වා තිබේ. එහිදී ඝාතනයට ලක්වූ පෙදරේරු සහ සැකකාර පෙදරේරු අතර ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් සැකකාර පෙදරේරුවා විසින් මරණකාර පෙදරේරුවාගේ මුහුණ ප්‍රදේශයට පහර දී පසුව ගෙලමිරිකා සිටි බව ඝාතනය කළ සැකකාර පෙදරේරුවා විසින් සීදුව පොලිසියට පාපොච්චාරනය කළ බවද සිදුව පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 47ක් වූ දෙදරු පියෙක් වන ගරුසිංහ  හේවගේ නිහාල් චන්ද්‍රසිරි   තුන්සිය හැට දෙක ජුබිලි මාවත වයික්කාල, කොච්චිකඩේ. ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.