පෙට්‍රල් ලීටර් 55ක් ලග තබා ගත් අයෙකු අත්අඩංගුවට


(එන් ආරච්චි)

නීති විරෝධිව පෙට්‍රල් ලීටර් 55ක් සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙකු අද (20) සවස බොස්සැල්ල, දම්පැල්ගොඩ දී අත්අඩංගුවට ගත් බව බුලත්කොහුපිටිය පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා අවුරුදු 39 හැවිරිදි අයෙකි.

සැකකරු හෙට දින (21) කෑගල්ල මහෙස්ත්‍රාත් වරයා  වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.