පූජාව අස්සේ රන්මාල කඩාගෙන


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

නුවරඑළිය පූඩලු ඔය පහල වීදියේ පිහිටි ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිලේ පූජාවකට පැමිණ සිටි කාන්තාවන් තිදෙනකු ගෙල පැළඳ සිටි රන් මාල හතරක් කඩා ගත්තේ යැයි කියන ඉන්දීය ජාතික කාන්තාවක් ඇතුළු කාන්තාවන් හය දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් තිදෙනකු  සැකපිට අත්අඩංගුවට ගත් බව පූඩළුඔය පොලීසිය පවසයි.

කෝවිලට පැමිණ සිටි එක් කාන්තාවක් පැළඳ සිටි රුපියල් 850,000 වටිනා රන් මාල දෙකක් ධනවත් කාන්තාවක් ගෙල පැලඳ සිටි රුපියල් 16,57,500 වටිනා මාලයක් සහ අනෙක් කාන්තාව පැළඳ සිටි රුපියල් 510,000වටිනා රන් මාලයක් ද කඩා ගත් බව කියමින් මෙම නම දෙනා සැකපිට අත්අඩංගුවට ගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

අත්අඩංගුවට ගත් ගත් සැකකරුවන් සහ සැකකාරියන් අතර ඉන්දීය ජාතික කාන්තාවක් සහ ඉන්දීය ජාතික පුද්ගලයකු ද සිටින අතර සෙසු සැකකරුවන් සහ සැකකාරියන් පුත්තලම ,දිගන, කිලිනොච්චිය සහ යාපනය යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 35, 55 ,47 ,39, 47 සහ 29යන වයස්වල පසු වන්නෝ වෙති.

පූඩළුඔය පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් නම දෙනා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.