(යොහාන් භාසුර)
දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (6) සහභාගි වූ පළමු පුහුණු තරගයේදී අයර්ලන්ත පිලට එරෙහිව ලකුණු 2 ක තියුණු ජයක් ලැබීමට සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 150 ක ඉලක්කය හඹාගිය අයර්ලන්තය ඕවර 19.5 කදී ලකුණු 147 කට සීමාවිය.
ශ්‍රී ලංකා කාන්තා පිල ඕවර 20 කදී කඩුලු 5 ට 149
(හර්ෂිතා සමරවික්‍රම 56, චමරි අතපත්තු 27, විශ්මි ගුණරත්න 36, අනුෂ්කා සංජීවනී නොදැවී 17, ලයුරා ඩිලනි 20/3)
අයර්ලන්ත කාන්තා පිල ඕවර 19.5 කදී සියලු දෙනා දැවී 147
(අර්ලිනි කෙලි 30, ගබි ලුවිස් 38, ලයුරා ඩිලනි 21, ඕෂදී රණසිංහ 22/3, ඉනෝකා රණවීර 26/3)

