( කේ බුද්ධික කුමාරසිරි)
පොල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීම සහ නිවසක් බිද මුදල් සොරා ගෙන ප්‍රදේශයෙන් පලා ගොස් මාස අටකට වැඩි කාලයක් සැගව සිටි සැකකරුවෙකු මොරගහහේන කිතුලකන්ද පාර ප්‍රදේශයේ නිවසක සිටියදී අත් අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය පවසයි.
සැකකරු විසින් ඉකුත් 2024 වර්ෂයේ ජුනි මස 14 දින පදිවිය කැබැතිගොල්ලෑව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පොල්ලකින් පහර දී ඝාතනය කර තිබූ බවද පොලිසය පවසයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ පදවිය පරාක්‍රමපුර යාය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 36 හැවිරිදි පුද්ගලයෙකි