“මට පුතකුත් දුවකුත් ඉන්නවා. මා මෙතෙක් කල් ජීවත් වුණේ මගේ පුතා ළඟ. පුතා මා බසයක නංවාගෙන ඇවිත් පාරේ දමා ගියා” යැයි රත්ගම, රිලඹ හන්දියේ කාත්කවුරුත් නැතිව අතරමංව සිටි 68 හැවිරිදි මවක් පැවැසුවාය.
තමාට එක් දියණියක් සහ එක් පුතකු සිටින බවත් මෙපමණ කලක් බණ්ඩාරගම පිහිටි පුතාගේ නිවසේ ජීවත්වූ බව ද ඇය පවසන්නීය.
මෙම මවගේ අත් පා වල පිළිස්සුම් තුවාල ද දැකිය හැකි බව ද රත්ගම ප්‍රදේශවාසීහු පවසති.
පුතා ගොවිතැන් කරමින් ජීවත් වන අතර දියණිය විවාහ වී වෙනත් පළාතක ජීවත් වන බවද ඇය පවසයි.
රත්ගම ප්‍රදේශවාසී තරුණයන් පිරිසක් මෙම මවට ආහාරපාන සපයා ඇති අතර අසනීප තත්ත්වයෙන් පසු වූ නිසා රත්ගම රජයේ රෝහලට ඇතුළත් කිරීමට රැගෙන ගියත්, ඇය ඇතුළත් කරගැනීම රත්ගම රෝහලේ නිලධාරීහු ප්‍රතික්ෂේප කර ඇත.
අප මේ සම්බන්ධයෙන් රත්ගම රෝහලේ ස්ථාන බාර වෛද්‍යවරයාගෙන් කළ විමසීමකදී මෙම රෝගියා ඇතුළත් කිරීමට බාරකරුවකු නැහැ. ඒ නිසා මෙම රෝගියා රෝහලට ඇතුළත් කර ගත්තේ නැහැ යැයි පැවසීය.

