(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම මුල්ලිපුරම් වෙට්ටාල ප්‍රදේශයේ නීරෝධායන නීති කඩ කරමින් පැවැත් වූ බව කියන විවාහ මංගල උත්සවයක මනාලිය හා මනාලයා ඇතුළු පිරිසක් නිරෝධායනට යොමු කළ බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය කියයි.
මුල්ලිපුරම් වෙට්ටාල ගම්මානයේ මෙම විවාහ මංගල උත්සවය අද දින පවත්වා ඇත.මෙම මංගල උත්සවයට 200 කට වැඩි පිරිසක් සහභාගි වි ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පවසති.
එසේම එම පිරිසට ආහාර සකසා ඇත්තේ අදාල මංගල ප්‍රිය සම්භාෂණය පැවති යාබද නිවසේ සකසා ඇති බවද කියයි.
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අදාල නිවසට යන විටත් එම නිවසේ මංගල ප්‍රිය සම්භාෂණයට එක්වු 50 කට ආසන්න පිරිසක් එක්ව සිටි බව කියයි.

