පුත්තලමේ ඉඩමකින් ගිනිඅවියක් හමුවෙයි


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මෙරට නිපදවු බව කියන පිස්තෝලයක් සමග උණ්ඩ තොගයක් ප්‍රදේශවාසියකුගේ තොරතුරක් මත පුත්තලම කොට්ටුකච්චිය පළුගස්වැව ප්‍රදේශයෙ ඉඩමක තිබී පුත්තලම මූලස්ථාන පොලිසියෙ නිළධාරීන් පිරිසක් විසින් අද (12) දින අත්අඩංගුවට ගත් බව කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුනේ ටී 56 පතොරම් දැමිය හැකි ලෙස සැකසු මෙරට නිෂ්පාදීත පිස්තෝලයකට සමාන ගිනි අවියක් බව පොලිසිය කියයි.

අදාල ගිනි අවිය හමුවු පුද්ලික ඉඩමේ ලී කැපිමට ගිය අයකු පාර්සලයක් තිබේනු දැක එය ලිහා බලන විට ඒ තුළ ගිනි අවියකට සමාන දෙයක් ඇති බවට දැක පොලිසියට දන්වා තිබුනී.

පිස්තෝලය හා ටී 56 පතොරම් ග්‍රීස් වල බහා මලකඩ නොකන ලෙස පොලිතින් කවර කිපයක දමා තිබු බවත් එය මෙයට පෙර භාවිතා කර ඇත් දැයි යන්න පරික්ෂණ පවත්වන බව පොලිසිය කියයි.