පුත්තලමේ පවුල් 90,443 ක් අවතැන්


(ප්‍රියංකර ජයසිංහ )

ගංවතුර හා ජල ගැලිම් හේතුවෙන් අද (03)  වන විට පවුල් 90,443 ක 32,8050 අවතැන්ව පුද්ගලයින් 29 දෙනෙකු අවාසනාවන්ත ලෙස මරණයට පත්වි ඇති බව  පුත්තලම දිස්ත්‍රික් ලේකම් වයි.අයි.එම් සිල්වා මහතා පවසයි.

දිස්ත්‍රික් ලේකම් වරයා පවසා සිටියෙ මෙම පිරිස අතරීන් පවුල් 5184 ක පුද්ගලයින් 21347 ක පිරිසක් දිස්ත්‍රික්කය පුරා සුරක්ෂා මධ්‍යස්ථාන 141 ක රදවා ඇති බවයි.

 පිඩාවට පත්වු පිරිස අතරින් වැඩිම පිරිස පුත්තලම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රාදේශයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 20685 ක පුද්ගලයින් 78223 පිරිසක් බවත් මුන්දලම පවුල් 15550 ක 57189 ක්ද,හලාවත පවුල් 12100ක පුද්ගලයින් 49500 ක්ද කල්පිටිය පවුල් 10776 ක පුද්ලගයින් 78223 ක්ද ආරච්චිකට්ටුව පවුල් 8923 ක පුද්ගලයින් 31200ක්ද නාත්තන්ඩිය පවුල් 5942 ක පුද්ගලයින් 21711 ක්ද,වෙන්නප්පුව 33449 ක පුද්ගලයින් 11898 ක්ද,මහවැව 3671 ක පුද්ගලයින් 13310 ක,මාදම්පේ පවුල් 2051 පුද්ගලයින් 6876 ක් ද ඇතුළුව පුත්තලම දිස්ත්‍රික්කයෙ ජනතාව පිඩාවට පත්ව තිබුනී.

ඒ සමගම දිස්ත්‍රික්කයෙ බහුතරයක් පිඩාවන්ට පත්වු පිරිසට තම ඇදිවතට පමනක් සිමා වී තිබු බවද කියයි.

ඒ සමගම මෙම පිරිස පදිංචිව සිටි නිවාස වල සියලුම දෑ මේ වන විට විනාශ වී ඇති අතර එවා යථා තත්වයට පත් කිරීම සදහා විශාල කාලයක් ගත වනු ඇති බවද දිස්ත්‍රික් ලේකම් වරයා පවසන්නට විය.