පුත්තලම රෝහලට තවත් කොරෝනා ආරක්ෂිත ඇදුම් තොගයක්


(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

පුත්තලම මුලික රෝහලේ කාර්ය මණ්ඩලයේ පරිහරණය සඳහා කොරෝනා ආරක්ෂීත ඇදුම් කට්ටල 100 ක් මින්රා ගාමන් ආයතනය අද ( 1 ) ලබා දි තිබේ .
 
මේ වනවිට පුත්තලම දිස්ත්‍රික්කය පුරා පවතින අවදානම් තත්වය සැලකිල්ලට ගනිමින් කරුවගස්වැව මින්රා ග්‍රාමන්ට් ආයතනය මෙසේ රුපියල් ලක්ෂ 5 ක් පමණ වටිනා අදාල ඇදුම් කට්ටල තොගය ලබා දි තිබේ .
 
පුත්තලම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්නායක මහතා පවසා සිටියේ මෙයට පෙර අවස්ථාවකදිද රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනාකමකින් යුත් කොරෝනා ආරක්ෂීත ඇදුම් කට්ටල ලබා දුන් බවයි.